Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය තෙවෙනිවර කියවීමේ ඡන්දය අද සවස

අයවැය තෙවෙනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) සවස පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

අද උදැසන 10ට විවාදය ආරම්භ වන අතර පස්වරු 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදි අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණි

Related posts

VIP Assassination Plot: Muzammil appears before CID

Mohamed Dilsad

பிரபல சிங்கள பாடகர் பிணையில் விடுதலை

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment