Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ රැකියා සඳහා යෑමට අපේක්ෂා කරන අයට විශේෂ දැනුම්දීමක්

පුද්ගලික ඒජන්සි හරහා විදෙස් රැකියා සඳහා යන විට, 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන්, විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් ගැන ප්‍රශ්න කළ අතර, ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කළ ඒජන්සි සහ ගාස්තු ගැන සියලු විස්තර කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා දැනගත හැකි බවත්, යම් පාර්ශවයක් අනුමත මුදලට වඩා අය කරනවා නම් හෝ බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වනවා නම්, ඒ ගැන කාර්යාංශයට පැමිණිලි කළ හැකි බවත්, සහභාගී නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් එරට යුද මෙහෙයුම් සඳහා යෙදවීමත්, ඔවුන්ට අමානුෂික ලෙස සැලකීමත් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කාරක සභාවේදී පෙන්වා දුන් අතර, ඒ ගැන පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසුවේ, මේ ගැන තමා දැනුවත් බවත්, එය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවත්ය. 

Related posts

London attack: Six killed in vehicle and stabbing incidents

Mohamed Dilsad

Parts of missiles fired at Saudi Arabia came from Iran — UN chief

Mohamed Dilsad

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

Leave a Comment