Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුගේ පෙත්සම නිශ්ප්‍රභා කරයි.

මාතර, වැලිගම ප්‍රදේශයේ 2023 වසරේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලින.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

Related posts

India and Sri Lanka discuss mutual cooperation in law

Mohamed Dilsad

Jacinda Ardern returns girl’s ‘dragon research’ bribe

Mohamed Dilsad

கட்சி உறுப்பினர்களுக்கு இடையிலான கலந்துரையாடல் சற்று முன்னர் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment