Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිදැයි පැහැදිලි කිරීමක්

බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට කිසිදු බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය.

1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ කළ හැකි බව පැවසූ මහානාමහේවා මහතා ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද සඳහන් කළේය.

(ලංකාදීප)

Related posts

Gigi Hadid’s birthday wish for Blake Lively will warm your heart!

Mohamed Dilsad

Gnanasara thero transferred to Welikada prison hospital again

Mohamed Dilsad

දහම් පාසල් ගුරුවරුන්ට රු. 7500ක වාර්ෂික දීමනාවක්

Editor O

Leave a Comment