Trending Newsඑසැන පුවත්දේශීය

දහම් පාසල් ගුරුවරුන්ට රු. 7500ක වාර්ෂික දීමනාවක්

අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබේ. එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොර ව දහම් පාසල් වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන්න්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල් වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

பச்சை நிறத்தில் இருந்த இறைச்சி: நுகர்வோர் மத்தியில் குழப்பம்

Mohamed Dilsad

“I feel ashamed that I would have those thoughts” – Katy Perry on being suicidal

Mohamed Dilsad

47th National Day of Qatar celebrated in Sri Lanka at event graced by Rishad Bathiudeen

Mohamed Dilsad

Leave a Comment