Trending Newsඑසැන පුවත්දේශීය

දහම් පාසල් ගුරුවරුන්ට රු. 7500ක වාර්ෂික දීමනාවක්

අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබේ. එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොර ව දහම් පාසල් වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන්න්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල් වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

நேபாளம் சென்ற ஆறு வீரர்களுக்கு டெங்கு காய்ச்சல்

Mohamed Dilsad

All Government schools in Kandy closed until further notice

Mohamed Dilsad

Leave a Comment