දේශීයවිදෙස්

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

(UTV |ඇමෙරිකාව) – සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි.
සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.
නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.
මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණි.
මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙස සැලකේ.

Related posts

රාජ්‍ය සේවකයින් පෞ. රැකියාවලට යොමු කිරීමට අවධානය

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කටාර් සිට පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment