Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ. ඒ ඩකාහි අධිකරණයක් විසින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තවද, ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කළ බව නිලධාරීහු පවසති. දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යෙෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් අඟහරුවාදා මෙම නියෝගය නිකුත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම්ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවය. හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කරගෙන ඇත.

Related posts

Influence of “Phethai” cyclonic storm to decrease from today – Met. Department

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ CID විමර්ශන කඩිනම් කිරීමට බලකායක්

Mohamed Dilsad

அம்பாரை முஸ்லிம்களுக்கு அமைச்சர் ரிஷாட் அழைப்பு

Mohamed Dilsad

Leave a Comment