Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. උගන්ඩාවේ තිබුණා යැයි කියන මුදල් පිළිබඳවත්, රටින් අයථා ලෙස ඩොලර් පිට කළ බවටත් ඔවුන් කරන ලද චෝදනා අසත්‍ය බව දිනෙන් දින ඔප්පුවෙමින් පවතින බවයි.

මහා පරිමාණ හොරකම් කරන ලද අය අත්අඩංගුවට ගන්නා ලෙසත්, උගන්ඩාවේ හෝ ඩුබායිවල මුදල් ඇත්නම් ගෙනැවිත් ජනතාවට සහන සලසන ලෙසද කීවේය. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස අල්ලාගෙන දැඟලීමෙන් වළකින ලෙසටත් රජයෙන් ඉල්ලා සිටින බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Al Ain shock River Plate in Club World Cup

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment