Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය අදයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව අද (12) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

මේ අතර එළඹෙන මාර්තු මස 13වැනිදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට කටයුතු කර ඇති බව ද එම කොමිෂම වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

2023 අයවැය කතාව ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

MiG 21 fighter jet crashes in Himachal’s Kangra,India Pilot Missing

Mohamed Dilsad

National Thaipongal Day celebration in Nuwara Eliya tomorrow

Mohamed Dilsad

Leave a Comment