Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම ප්‍රදේශයේ ඇති, දේශපාලකයෙක්ට අයත්යැයි කියන නිවසක් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් : වාර්තාව නීතිපතිට

කතරගම ප්‍රදේශයේ ඇති, රාජපක්ෂවරයෙක්ට අයත් යැයි කියන නිවසක් සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි. පොලීසිය සඳහන් කළේ, නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර හා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (10) හා ඊයේ(11) ප්‍රකාශ සටහන් කර ගැණින.

පොලීසිය පැවසුවේ, මීට අමතරව එම නිවස ඉදිකිරිමේදී විවිධ අවසර ලබා ගත් කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි. එම සියලු ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ඇති.

Related posts

உயிரிழந்தோர் எண்ணிக்கை 220 பேர் ஆக உயர்வு

Mohamed Dilsad

Southern Expressway extension open for public travel

Mohamed Dilsad

රටේ ආර්ථිකයට ඇති අභියෝගය ගැන විපක්ෂ නායකගෙන් පුරෝකථනයක්…

Editor O

Leave a Comment