දේශීය

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ අතරින් පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 72 කු ද අත්අඩංගුවට පත්ව ඇති බවයි.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වකවානු සංශෝධනයට අවධානය

Mohamed Dilsad

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment