දේශීය

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

(UTV | කොළඹ) – ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන ඩී.සී. ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත දිසානායක මහතා හට එම නොතීසිය නිකුත්කර ඇත.

පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මේ මස 16 වන දා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇති බවය.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් මේ මස 17 වනදා පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ද අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Related posts

අතුරුදන් වූ තරුණයා ගේ සිරුර ගල්තලාවෙන් හමුවෙයි

Mohamed Dilsad

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment