දේශීය

තවත් බන්ධනාගාර රැඳවියෙක් මියයයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

පොලීසිය පැවසුවේ, කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වඩුක්කෝට්ටේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

 

අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවය.

 

වයස අවුරුදු 26ක් වූ මොහු බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 16 වනදා යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

 

අදාළ සැකකරු නැවත වරක් පසුගිය 19 වනදා රෝගාතුර වීම හේතුවෙන් යළි යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

 

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ අදාළ සැකකරුගේ ශරීරයේ වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිර වීම මරණයට හේතුව බවය.

 

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයෙන් පසු පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් සැකකරුගේ මරණය සිදුව ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

Related posts

ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

Leave a Comment