දේශීය

මාර්ග කිහිපයක් අවහිර වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පස් සහ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බවය.

 

මේ අතර පස්සර – නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල කි.මී.16 කණුව හා කි.මී 20 කනුව අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඊයේ (21)පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමඟ පස් ගල් හා ගස් කඩාවැටී අවහිර වී තිබේ.

 

මේ හේතුවෙන් රථවාහන ගමනා ගමනය මුළුමනින්ම ඇනහිට ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පස්සර පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

 

මේ අතර, කටුගස්තොට ගන්නෝරුව ප්‍රධාන මාර්ගයේදී වරාතැන්න ප්‍රදේශයේ විශාල ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇනහිට තිබේ.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

කිලිනොච්චියේ වී ගොවීන් ට හොඳ මිලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී

Editor O

Leave a Comment