දේශීය

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වකවානු සංශෝධනයට අවධානය

(UTV| කොළඹ) – සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වකවානු සංශෝධනය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් , දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවන මාස 09 ක කාලයක් අඩුකර ගැනීම මෙමගින් අපේක්ෂිත බව ද ඒ මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් මහජන අදහස් විමසීමටද ඇති බැවින් මෙම යෝජනාව මෙම වසරේදී නොව බොහෝ දුරට ලබන වසරේ සිට ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇති බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේ අතර , විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අද (02) පස්වරු 5.00 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හමුවේ , විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙන්නේය.

ඔහු පැවසුවේ, මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පවතින ගොඩනැගිලි සංඛ්‍යාව ද ප්‍රමාණවත් නොවන බවය.

මේ පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

 

Related posts

ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුව කල් දැමේ

Mohamed Dilsad

සහන මිලට මත්පැන් ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Editor O

“අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ”

Mohamed Dilsad

Leave a Comment