Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරු වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක් අපයෝජනයට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි.

අද (12) උදෑසන 08 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය. එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

Related posts

සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් ජනපති හා අගමැති ශෝකය පළ කරයි

Mohamed Dilsad

Australia A matches moved to Bengaluru

Mohamed Dilsad

32 State Ministry Secretaries appointed

Mohamed Dilsad

Leave a Comment