Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) සිදුකර තිබේ. මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් යොමුකළ එම නිවේදනයට අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනට අනුව බලයලත් නියෝජිතයන් පත්කිරීම, නාමයෝජනා කැඳවීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර සිදුකළ යුතුය. 

ඒ අනුව මෙම මස 3වනදා නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ, බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදාට පෙ.ව. 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතුව ඇත.

ස්වාධීන කණ්ඩායම් අදාළ කණ්ඩායම් නායකයා විසින් ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී, අපේක්ෂකයන් අතුරින් යම් තැනැත්තකු එම කණ්ඩායමේ බලයලත් නියෝජිතයා ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම මාර්තු මස 13වනදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තබා ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

10-Hour water cut shortly

Mohamed Dilsad

සාම්පූර් නව සංස්කෘතික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

Mohamed Dilsad

சர்வதேச பொலிஸார் இலங்கைக்குள்…

Mohamed Dilsad

Leave a Comment