Trending News

සාම්පූර් නව සංස්කෘතික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

(උදයම්,කොළඹ)  –  උතුරු නැගනෙහිර පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සාම්පූර් නව සංස්කෘතික මධ්‍යස්ථානය ඊයේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

සියලූ පහසුකම් සහිතව ඉදිකර තිබෙන මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22 කි.

සාම්පූර් වැසියන්ගේ කෘතවේදිත්වය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වමින් සමරු තිළිණයක් පිළිගැන්විම ද මෙහිදී සිදු විය. විවෘත කෙරුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඉදිරිපත්කෙරුණු ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් රසවිඳීමට ද ජනාධිපතිතුමා එක්විය

විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ෆයිසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, ත්‍රීකුණාමල පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, පළාත් අමාත්‍ය එස්. තණ්ඩායුධපානී, ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Related posts

නීතිපති ට එරෙහිව, උද්ඝෝෂණ කරන්නේ මාලිමා හෙන්චයියන් – උදය ගම්මන්පිල

Editor O

“Right to higher education cannot be disturbed” – Deputy Minister Eran

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කෑම බිල අඩු කිරීමට ගෘහකාරක සභාවේ තීරණයක්

Editor O

Leave a Comment