Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වලට 2028 වසරේදී හඳුන්වාදෙන විභාගය

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (10) විශේෂ හෙළිදරව්වක් කළාය. එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවය.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් රජය විසින් පත්කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් වී ඇත්තේ, පාසල් අතර ඇති විශමතාවය නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, පාසල් අතර ඇති ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීමට උත්සහා දරන බවය.

“5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග එන්නේ පාසල් අතර තියෙන විශමතාවය නිසා දක්ෂ දරුවන්ට හොඳයි කියන පාසලකට ඇතුළු වෙන්නේ අවස්ථාව සලසා දෙන්නේ. අපි හිතන්නේ නෑ මේ තියෙන තත්ත්වය තුළ ඒකට අපිට ලොකු වෙනස්කමක් කරන්න පුළුවන් කියලා. අපි උත්සහාකරන්නේ පාසල් අතර තියෙන විශමතාවය ක්‍රමාණූකූලව තැතිකරලා හොඳ පාසල්, හොඳ නැති පාසල්, ජාතික පාසල්, ජාතික නොවන පාසල් වැනි විශේෂයෙන්ම ගුණාත්මක භාවයෙන් විශමතා තියෙන පාසල් ක්‍රමය වෙනස් කරන්න. ඒකට අපිට යම් කිසි කාලයක් යයි. එතෙක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපිට පවත්වන්න වෙනවා. නමුත් උත්සහා කරන්නේ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් එන මානසික පීඩනය අවම කරන්න. ඒ සඳහා අපි විශේෂඥ කමිටුවක් එන අවුරුද්දේ පත්කරන්න නියමිතයි. අපි හිතනවා බොහෝදුරට ඒ මානසික පීඩනය ළමයින්ට දෙන්නේ නැති විභාගයක් 2028 සිට ක්‍රියාත්මකරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේකට විසඳුම එන්නේ පාසල් අතර තියෙන ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීම. ඒක අපේ දිර්ඝ කාලීන සැලැස්ම තුළ තිබෙනවා.”

Related posts

நற்பண்புகள் மனங்களில் குடிகொள்ள அஞ்ஞானம் எனும் இருள் அகல வேண்டும்-ஜனாதிபதி

Mohamed Dilsad

Air Force member arrested at BIA for smuggling gold

Mohamed Dilsad

Navy apprehends 5 persons engaged in illegal fishing

Mohamed Dilsad

Leave a Comment