දේශීය

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 361ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 361ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු ගණන 44,216 ක්.

තවදුරටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශවලට කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, පබ්ස්, බාර්, කායවර්ධන මධ්‍යස්ථාන, ස්පා, සම්බාහන ආයතන, සිනමා, සාද, මහජන එකතුවීම් වැනි මෙවැනි දෑ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවය.

Related posts

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

Mohamed Dilsad

අමාත්‍යවරු රැසක් අද වැඩ අරඹයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment