දේශීය

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

(UTV | කොළඹ) – ගෑස් මිල අද (05) සිට යළි අඩු කෙරුණත් සැකසූ ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ, සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ නගරයේ භාණ්ඩ මිල අඩු වුවද එම වාසිය නගරයෙන් පිට පළාත්වල පිරිසට හිම නොවන බවය.

එම නිසා සමස්තයක් වශයෙන් ආහාරවල මිල අඩු කිරීමට නොහැකි බව ඒ මහතා අවධාරණය කළේය.

“ගෑස් මිල අඩු කළා කියලා කිසිම ආකාරයකින් අපි කෑම මිල අඩු කරන්නේ නෑ. මොකද එදා ගෑස් මිල අඩු කරද්දී අපි කිව්වා ප්ලේන්ටිය රුපියල් 30 කරන්නන්. කෑමට 10%ක් අඩු කරන්නන් කියලා. හැබැයි පිටකොටුවේ තියෙන භාණ්ඩ මිල ගමට ලබා දෙන්න කියලා. තාම එය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඇත්ත කතාව රුපියල් 410ක් පරිප්පු. ඒ වුණාට රුපියල් 600 තාම ගමේ. රුපියල් 200ක් වැඩියි. ඒ 200 ගමේ තියෙන හොටල්වලට බලපානවා නේ. අද පාන් භාගෙයි පරිප්පු එකයි රුපියල් 250යි. මේක බරපතළ ප්‍රශ්නයක් මේක. ගෑස් අඩු වුණා කියලා අපිට කෑම මිල අඩු කරන්න බෑ. මොකද ඒ අය දැනගන්න ඕනේ ගෑස් මිල විතරක් නෙමේ අනිත් බඩුවල මිලත් අඩු වෙලා, ඒ අඩුවීමේ වාසිය ගමේ අයටත් අරන් දීමේ යාන්ත්‍රණය හදන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ.”

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

Leave a Comment