ක්‍රීඩාදේශීය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස රංගන හේරත් පත් කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස පත් කර තිබේ.

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය ලබන මස 7 වැනි දා හරාරේහිදී ආරම්භ වේ.

ඒ අනුව, රංගන හේරත් සිම්බාබ්වේ දේශයේදී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් බිඳ හෙළා ඇති මුළු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 433කි.

මේ අතර දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස් ද බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස පත් කර ඇත.

Related posts

උසස් පෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි.

Editor O

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය කෝටි 100 ඉක්මවයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ දුම්රිය මගීන් ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment