දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරු රැසක් අද වැඩ අරඹයි

(UTV |කොළඹ) – නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද වැඩ භාරගැනීමට නියමිතයි.

ඒ අනුව අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර සහ නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍යාංශවලදී වැඩ භාර ගැනීමට නියමිතය.

ඊට අමතරව ඩී.වී. චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නාලක ගොඩහේවා සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ද අද වැඩ භාරගැනීමට නියමිත බව වාර්තාවේ.

මීට පෙර අවස්ථා වලදී සුබ නැකත් බලා බොහෝ අමාත්‍යවරු වැඩ ආරම්භ කළද ඊයේ දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් රජයේ වැඩ කරත්ය්තු ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරු බොහෝ දෙනෙක් අද දිනයේ වැඩ භාර ගනු ඇති.

මේ අතර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නමල රාජපක්‍ෂ මහතා ලබන 19 වනදා වැඩ භාර ගැනීමට නියමිතය.

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

Mohamed Dilsad

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

Mohamed Dilsad

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

Mohamed Dilsad

Leave a Comment