ප්‍රමුඛ පුවත 1

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

UTV | COLOMBO – මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන්ට රුපියල් තුන්ලක්ෂ 87,000 ක දඩ මුදලක් නියම කිරීමටයි මලයාසියානු අධිකරණය පියවර ගෙන ඇත්තේ.

2016 වසරේ සැප්තැම්බර් 4 වනදා මලයාසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එරට ගුවන් තොටුපලට ඇරලවීමට ගොස් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවුණා.

මෙම සමුළුවට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ගොස් සිටි අතර, පසුව හෙළිවුණේ හිටපු ජනාධිපතිවරයාට විරෝධය පළ කිරීමේ අරමුණින් මොවුන් හිටපු තානාපතිවරයාට අදාළ පහරදීම සිදුකර ඇති බවයි.

Related posts

මැතිවරණය නිරීක්‍ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

නව දෙමුහුන් මල් වර්ග 15 ක්

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment