දේශීය

මෙරට ධීවරයින් 7 ක් සීෂෙල්ස්හි දී අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු සීෂෙල්ස් හිදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධිවරයින් 07 දෙනෙකු සීෂෙල්ස් හිදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 17 වන දින මෙම ධීවරයින් බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

එම පිරිස ධීවර යාත්‍රාව තුළම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී මෝර මාළු මෙක්ට්‍රික් ටොන් 07කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

සීෂෙල්ස් රාජ්‍ය විසින් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සහ යාත්‍රාව මුදාගැනිම සඳහා රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

දින දෙකකදී 12ක් අතුරුදන්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්

Mohamed Dilsad

අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment