Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බව ජන අරගල සන්ධානය සඳහන් කරයි. එහි ජාතික සංවිධායක දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර එහි ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙම කටයුත්ත සිදුකළ හැකි බවය.

බටලන්ද කොමිසත් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වී නැති බවට රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවත් එනිසා එම වාර්තාව සභාගත කිරීම වර්තමාන ආණ්ඩුවේ කාර්යභාරයක් බවත් හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ වැඩි පංගුවක් නියෝජනය කරන මෙම ආණ්ඩුව විසින් එම කාර්යය ඉටු කරන්නේදැයි ඉතා ඕනෑකමින් බලා සිටින බවද හෙතෙම කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related posts

LANPAC reminds US Epigram ‘Sergeant is the Army’ adding a new chapter

Mohamed Dilsad

ஐக்கிய நாடுகள் சபைஇலங்கைக்கு தொடர்ந்து நிதியுதவி

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment