Trending Newsඑසැන පුවත්දේශීය

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකර

පසුගියදා රටට ම විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් ගැටීම නිසා යැයි තමා ප්‍රකාශ කළේ නම් එය එතරම් විමතියට හේතුවක් නොවනු ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එහෙත් ඉංජිනේරුවෙකු බව කියන, බලශක්ති ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම රටටම පුදුමයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි. විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් මෙම ප්‍රකාශය තමන්ට විශාල ලැජ්ජාවක් යැයි තමන් සමග පැවසූ බව කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.

ආණ්ඩු මාරුවත් සමග විදුලි බල මණ්ඩලයේ සිටි පළපුරුදු නිලධාරීන් මාරු කර ඒ වෙනුවට කිසිදු පළපුරුද්දක් අවබෝධයක් නොමැති පිරිසක් එම තනතුරුවලට පත්කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

Related posts

UNP reforms underway

Mohamed Dilsad

පාර්ලිමේන්තු කතානායක ධුරය නම් කෙරේ

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන අයට නිසි අවබෝධයක් නැහැ – මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි

Editor O

Leave a Comment