Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයේ බස්නායක නිලමේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක්..?

කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලමේවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

එහිදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ගෞරවයක් වශයෙන් තමන්ට කතරගමට පැමිණ මෙම ප්‍රකාශ සටහන් කරගත හැකි යැයි CID නිලධාරීන් පවසා ඇති නමුත් බස්නායක නිලමේවරයා එහිදී ප්‍රතිචාර දක්වා ඇත්තේ මහජන මුදල් වැය කරමින් CID නිලධාරීන් කතරගමට පැමිණීමට අවශ්‍ය නොමැති බවත් තමන් ලබන සතියේ කොළඹ සිටින බැවින් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ කට උත්තරයක් ලබාදිය හැකි බවත් ය.

ඒ අනුව ඩිෂාන් ගුණසේකර මහතා ලබන සතිය මුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර කතරගම දේවාලයේ ප්‍රතිපාදන යටතේ කතරගම නගරයෙහි සිදුකරගෙන ගිය ප්‍රතිසංස්කරණ හා අලංකරණ කටයුතු ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට නතර කර ඇති බවත් වාර්තා විය

Related posts

Pakistan ready to free India pilot if leads to ‘de-escalation’

Mohamed Dilsad

ගැටලු රැසක් ඇති විය හැකි බැවින් සීනි ආනයන බද්ද ඉහළ නොදමන්නැයි ආනයනකරුවෝ ජනපතිගෙන් ඉල්ලති

Editor O

கொலை செய்யப்பட்ட கொக்கட்டிச்சோலை பொலிஸ் உத்தியோகத்தர் சடலம் தோண்டி எடுப்பு

Mohamed Dilsad

Leave a Comment