Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා යුධ විරුවන්ට, බ්‍රිතාන්‍යයෙන් පනවා ඇති සම්බාධක ගැන නාමල් රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව එල්ටීටීඊ යේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය.

එමෙන්ම මෙය යුක්තිය නොව ඇතැම් බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කරමින්, වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අප භුක්ති විඳින නිදහස දැඩි තීරණවලින් ලබාගත් එකක් බව උතුරේ සහ දකුණේ ජනතාව තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවත් එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත්, හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම සම්බාධක පිටුපස සිටින පුද්ගලයින් දෙමළ ප්‍රජාවේ ආරක්ෂාව ගැන තැකීමක් නොකර බවත්, ප්‍රජාවන් අතර සංහිඳියාවට බාධා කිරීමට කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ, ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසය.

මේ අතර විදේශීය බලවතුන් ශ්‍රී ලංකාවට සාමය ලබා දුන් අයට පහර දෙන විට රජය ඔවුන් ආරක්ෂා කරනවාද, නැතහොත් නිහඬව සිටිනවාද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසා සිටී.

පාර්ලිමේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, සැමවිටම අපගේ යුද ප්‍රවීණයන් ආරක්ෂා කරන බවත් ඔවුන්කළ කැපකිරීම් අපගේ සාමය සුරක්ෂිත කළ අතර, ඔවුන්ගේ උරුමය අඩපණ කිරීමට අපි කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බවය.

සම්පූර්ණ X පණිවුඩය පහතින්,

“ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ පළමු ජාතියයි. බටහිර ත්‍රස්තවාදයට ගැතැතී බලධාරීයෝ එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡත්වයට අරමුදල් සැපයූ බව නොරහසකි. ඒ අය ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින්, සාමය ගෙන ආ අපේ රණවිරුවන් දඩමීමා කරගෙන කටයුතු කිරීමට වර්තමානයේ ද උත්සහා දරයි.”

“එක්සත් රාජධානිය මේ එල්ල කරන සම්බාධක තරයේ හෙළාදකිමි. ඒ සම්බාධක මානව හිමිකම් ආරක්ෂා කරමින් එකීය රටක සමගියෙන් ජීවත් වන්නට තම ජීවිත පවා අභියෝගයට ලක්කරමින් කටයුතු කළ රණවිරූවාට පමණී. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු සම්බාධකයක් නොමැත. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් වල බලපෑම් වල ප්‍රතිඵලයකි.”

“මෙය යුක්තිය නොවන අතර අප ජාතියේ සංහිඳියාව අනතුරේ හෙලමින් අද අප භුක්ති විඳින නිදහස දැඩි හා සෘජු තීරණ වල ප්‍රථිපලයක් බව උතුරේ, දකුණේ ජනතාව තේරුම් ගත යුතුයි. “

“මෙම සම්බාධක අපගේ සමස්ථ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙලනු ඇත. එමෙන්ම එකීය රාජ්‍යක භෞමික අඛන්ඩතාවයට එල්ල කරන සෘජු ප්‍රහාරයකි. මෙම සම්බාධක පිටුපස සිටින පිරිස සිදුකරන්නේ මේ රට තුළ ප්‍රශ්න නිර්මාණය කරමින්, සංහිඳියාව අනතුරේ හෙළීම පමණී. නැතිව මෙරට දෙමළ ප්‍රජාවගේ සැබෑ ගැටළු විසඳීම නොවේ.”

“විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රජාවන්ට ඡන්දය දීමට පැහැදිලි මාවතක් දැන් ලැබී ඇත. ඒ බැවින් ඔවුන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ ලබා ඇති ප්‍රගතිය කඩාකප්පල් කිරීමයි. ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීමට අපි කිසිවිටකත් කිසිවකුට ඉඩ නොතබමු.”

“මා නැවත, නැවත අවධාරණය කරමි, අප යුධමය වශයෙන් කටයුතු කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිදු ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව නොවන බවයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හරහා අපගේ ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීමට ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කළබව පසුගිය කාලසීමාවේ ඇමරිකානු ජනාධිපතිවරයා පවා හෙලිදරව් කරන්නට විය.”

“ඇතැම් වරප්‍රසාද ලබාගැනීමේ අරමුණීන් ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙස මම දෙමළ ප්‍රජාවගෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.”
“ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය විජිත හේරත් මහත්වරුනි, ඔබතුමාගේ ආණ්ඩුව බලයට පත් වුණේ අපේ හමුදාවේ කැපකිරීම් හෑල්ලු කරපු අයගේ සහයෝගයෙනි.”

“ශ්‍රී ලංකා මාතෘභූමියේ සාමය තහවුරු කළ අයට විදේශ බලවේග පහර දෙන විට ඔබ ඔවුන්ව ආරක්ෂා කරනවාද නැත්නම් ඔබ නිහඬව මුනිවත ආරක්ෂා කරනවාද යන්න මා නඟන ප්‍රශ්නයකී?”

“අපි සෑම විටම අපගේ රාජ්‍ය සුරක්ෂිත කළ රණවිරුවන් ආරක්ෂා කරන්නෙමු. එය එදා පටන්, මතුමතුවටත් එසේමය. ඔවුන්ගේ පරිත්‍යාගයන් නිසා අපගේ සාමය සුරක්ෂිත කළ අතර, ඔවුන්ගේ උරුමය කඩාකප්පල් කිරීමට අපි කිසිවිටෙක කිසිවෙකුට ඉඩ නොදෙන බව සහතක වෙමු.”

Related posts

Over 8000 Dengue patients from the Western Province

Mohamed Dilsad

Hong Kong: Transport paralysed in clampdown on rioters

Mohamed Dilsad

President orders immediate relief to people affected in Meethotamulla

Mohamed Dilsad

Leave a Comment