Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන අයට නිසි අවබෝධයක් නැහැ – මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති පිරිසක් එහි කටයුතු සිදුකරන බව පෙනී යන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයට පැමිණ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව සඳහන් කළහ.

පාසල් විෂය මාලාවෙන් බුද්ධාගම විෂය ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය මීට පෙර විරෝධය පළ කළ බවත්, ඒ අනුව එම තීරණය වෙනස් කර අදාළ කොටස් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් මහා නායක හිමියෝ සිහිපත් කළහ.

මෙරට අතිදක්ෂ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් සිටියදී, අධ්‍යාපන ක්ෂේත්‍රය පිරිහෙන අයුරින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව මහා නායක හිමියෝ පෙන්වා දුන්හ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින දෝෂ සහගත තැන් මෙන්ම විවේචනයට ලක්වන කොටස් ඉවත් කර, ඒවා නිසි පරිදි සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව ද මහා නායක හිමියෝ අවධාරණය කළහ.

Related posts

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

One dead in car accident

Mohamed Dilsad

Leave a Comment