Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මහ බැංකු අධිපතිගේ රුව AI වලින් හදලා : ජාවාරම්කරුවන්ගේ වැඩක් : රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාළ වංචා සැලසුම් කිරීම මෙවැනි වීඩියෝ මුදාහැරීමේ අරමුණ වේ.

මෙම වීඩියෝ AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් භාවිත කරමින් මහජනතාව නොමඟ යැවීමට වංචනික පාර්ශ්වයන් විසින් සිදුකරන අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසය.

ඒ අනුව පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

* විමසිලිමත් වන්න. එමෙන්ම, එවැනි වංචනික ක්‍රියා සමග සම්බන්ධ වීමෙන් වළකින්න.
* අපගේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) සහ නිල සමාජ මාධ්‍ය ජාලා වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල මූලාශ්‍රවලින් තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගන්න.
• මෙවැනි සැක සහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකු නිල සන්නිවේදන නාලිකා වෙත වාර්තා කරන්න.

මෙවැනි වංචාවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවද දැනුම්දෙයි. 

Related posts

“Government should reject Justice Minister’s statement” – HRW

Mohamed Dilsad

நானாட்டான் பிரதேச சபை – உத்தியோகபூர்வ முடிவுகள்!

Mohamed Dilsad

Goodwill between North & South Korea further improved

Mohamed Dilsad

Leave a Comment