Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත.

එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානයට ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දීය. ජනාධිපති ට්‍රම්ප්, මෙසේ හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කළේ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාය.

“මේක තමයි නුඹලාට ලැබෙන අවසන් අනතුරු ඇඟවීම. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න. පුළුවන් වෙලාවේ ගාසා තීරයෙන් යන්න. නැතිනම් නුඹලාට වන්දි ගෙවන්න වේවි” යැයි ට්‍රම්ප් පවසා ඇත. ගාසා පලස්තීන වැසියන්ට මා කියන්න කැමතියි. නුඹලට හොඳ ලස්සන අනාගතයක් උදා කරන්න මා සූදානම්. හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් රඳවාගෙන ඉන්නා තුරු මට එය කරන්න බැහැ.

ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉන්නවා නං නුඹලට මැරෙන්න වේවි. මොළය පාවිචචි කරලා තීරණයක් ගන්න. ඉක්මනින්” යැයි ජනාධිති ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත්කළ එම සමාජ මාධ්‍ය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කරන ලෙස ඉල්ලීමක්

Editor O

Sri Lankan Army captain and a trooper killed in IED attack in Mali

Mohamed Dilsad

Pakistan’s top court wants prisoners in Sri Lanka repatriated

Mohamed Dilsad

Leave a Comment