Trending Newsඑසැන පුවත්දේශීය

නොහික්මුණු දුම්රිය රියදුරෙක් නිසා තවත් අලියෙක් දුම්රියේ ගැටෙයි : අලියාට අසාධ්‍යයයි

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කරයි.

සෝමාවතී වනෝද්‍යානයේ සිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට මාරුවෙමින් සිටි වන අලියෙකු මෙලෙස දුම්රියට ගැටී ඇති අතර වන අලියා අවුරුදු විසිපහක් පමණ වයස පිරිමි සතෙකු බව මනම්පිටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ආර්.ආර් ශාන්ත මහතා සඳහන් කළේය.

අසාධ්‍ය තත්ත්වයේ පවතින වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇතැයි, මනම්පිටි‍ය වනජීවි නිලධාරීන් සඳහන් කරයි. වන අලි මාරු වන ස්ථානයේම මෙම අලියා දුම්රියේ ගැටී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මනම්පිටිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් සිදුකරයි.

වන අලියා දුම්රියට ගැටීමෙන් මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර මෙම අනතුරෙන් දුම්රිය සිල්පර කොට කීපයකට හානි සිදුව ඇත.

Related posts

පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

Maersk to increase container handling in Sri Lanka

Mohamed Dilsad

Government moves May Day celebrations to May 07

Mohamed Dilsad

Leave a Comment