Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට අවසන් දැනුම් දීමක් : මාර්තු 05 ට පෙර විසඳුම් නැත්නම්, දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය අද (03) තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (03) පෙරවරුවේ කැඳවා තිබුණි. එහිදී එම තීරණය ගෙන තිබේ.

“2025 අයවැයි හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 ක කියන අගයයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබා දෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි.” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්තු 06 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවය.

“06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.” යනුවෙන් ලෙකම්වරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

Editor O

அடர்ந்த காட்டில் மாயமான பெண் 17 நாட்களுக்கு பிறகு மீட்பு?

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද (09) උදේ 11ට වසාදමයි

Editor O

Leave a Comment