Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයක් කරන බවට අනතුරු අඟවමින් සෞඛ්‍ය ඇමතිට දැනුම් දීමක්

සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ දීමනා කප්පාදුව සම්බන්ධයෙන් අද (03) දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විසඳුමක් ලබානොදුනහොත් ලබන 06 වනදා පෙරවරු 08.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අභිනව රජයේ මංගල අයවැය යෝජනා හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා කප්පාදුවට එරෙහි සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දන්වමින් ආණ්ඩුවට යැවූ ලිපිය පහතින්

අපේ අංකය: FHP/Gen/2025(03)
දිනය: 2025.03.01

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි
සෙසු සියළු කැබිනට් අමාත්‍යවරු
සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රවෘත්ති කතෘවරුන්

අභිනව රජයේ මංගල අයවැය යෝජනා හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා කප්පාදුවට එරෙහි සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගය 2025.03.06
උක්ත කරුණට අදාලව පසුගිය 2024.02.24 වන සඳුදා දින ගරු සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අභිනව රජයේ මංගල අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා 1/30 සහ 1/200 දක්වා අඩු කිරීමේ ගැටළුව අප විසින් පෙන්වා දුන් බවත්, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශය සමඟ මෙම ගැටළුව විසඳීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් එම විසඳුම ලබා දීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටි බවත් ඔබගේ අවධානයට ලක් කරමු.

ඒ අනූව උක්ත එකඟතාවය අදාල සතියක කාලය ඉදිරි 2025.03.03 වැනි දින ඉක්මවා යන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙන අතරම මේ වන විට රජය මෙම ගැටළුවට අදාලව විසඳුම් සපයා ගැනීමේ ක්‍රියාවලියට එළඹී ඇතැයි විශ්වාස කරමු. එබැවින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස ඊට අදාල විසඳුම කුමක්ද යන්න දැන ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙමු.

ඒ අනූව 2025.03.04 සහ 05 යන දින දෙක තුලදී ඊට අදාල විසඳුම කුමක්ද යන්න අප වෙත ලිඛිතව හෝ වෙනත් නිල ක්‍රමවේදයක් හරහා ලබා දීමට කටයුතු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් අකමැත්තෙන් හෝ 2025.03.06 වන දින පෙ.ව. 8.00 සිට පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කල බවත් පෙන්වා දෙමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,
කැඳවුම්කාර කමිටුව වෙනුවෙන්

Related posts

Declare Presidential poll gazette illegal; petition

Mohamed Dilsad

Showers expected over most parts of Sri Lanka

Mohamed Dilsad

Namal Rajapaksa before CID today

Mohamed Dilsad

Leave a Comment