Trending Newsඑසැන පුවත්දේශීය

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.  ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති අතර කවුඩුල්ල වැවේ වාන් දොරටු 02ක්ද විවෘත කර තිබේ. 

මේ අතර මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හමුවේ ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.

එමෙන්ම පැවති අධික වැසි හමුවේ ඌව පරණගම කහටතලාව ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පෙළක් පිටුපස පිහිටි පස් කන්දක් නායයෑමට ලක්ව තිබේ. මේ හේතුවෙන් එක් වතු නිවසකට හානි සිදුව ඇතැයිද සඳහන්. 

Related posts

பல பிரதேசங்களில் மழையுடனான காலநிலை…

Mohamed Dilsad

4 இலங்கையர்களும் விடுதலை

Mohamed Dilsad

තවත් පත්කිරීමක් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment