Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.

ඒ අනුව, ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහායි.

මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) ප්‍රකාශ කළේ තමන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ, මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවයි.

හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය මගින් තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන දීමනාව වැඩිවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා,

“පළවෙනි ලෝඩ් 15ට 6.96ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62යි. දැන් එයාලා කියන්නේ ලෝඩ් 25ක් විතර කරන අයලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් විතරලු. එකෙන් වැටුප් ගෙව්වට පස්සේ දැනුත් ජීවත්වෙන්න බෑ කියලා.

අපි හඳුන්වාදෙන එකේ හැටියට ලෝඩ් 25ක් කරන කෙනෙක්ට 6.69ක් ලැබෙනවා. එතකොට එකොළොස් ලක්ෂ 3,850ක් ලැබෙනවා”.

Related posts

තවත් කොරෝනා මරණ කීපයක් – සමස්ථය 50 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

Attorneys In Trinco On A Strike

Mohamed Dilsad

නුවරඑළියේදී ගිනි අවි සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment