Trending Newsඑසැන පුවත්දේශීය

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. 

මේ හේතුවෙන් වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබේ. යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇත.

කෙසේ නමුත් යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ, කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

Related posts

ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ஐந்தாம் தர புலமைப் பரிசில் கொடுப்பனவு அதிகரிப்பு

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment