Trending Newsඑසැන පුවත්දේශීය

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු අතර, සුවිශේෂී හමුවක් අද (26) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වින. මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබුණි.

වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසයි.

Related posts

ரயில்வே தொழிற்சங்கங்கள் பணிப்புறக்கணிப்பிலிருந்து விலக தீர்மானம்

Mohamed Dilsad

மாணவர்களை ஆர்ப்பாட்டங்களில் ஈடுபடுத்தப்படுவதை தடை செய்ய விசேட சுற்றுநிருபம்

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵළයට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

Leave a Comment