Trending Newsඑසැන පුවත්දේශීය

අමෙරිකා පුරවැසිභාවය ලබා ගන්න නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

එහිදී ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 5ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වන බවත් ඔහු මෙහිදී කියා සිටී.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ විකිණීමේ වැඩිපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවය.

Related posts

Documents related to release of 120.89 more acres in Northern Province delivered

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි [PHOTOS]

Mohamed Dilsad

Ten including 3 children killed in accident in Mahiyanganaya

Mohamed Dilsad

Leave a Comment