Trending Newsඑසැන පුවත්දේශීය

දින 04 ට මනුෂ්‍ය ඝාතන 08ක් : මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

රට පුරා සිදුවන ඝාතන, ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක් වුවත් ජනාධිපතිවරයා එය ගැටලුවක් නොවන බවට සඳහන් කර ඇති නමුත් පාතාල කල්ලි අතර සිදුවන මෙම ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එදා අධිකරණයේ සිදුවූ මිලේඡ්ච මිනිමැරුම සිදුවන විට එයට සම්බන්ධ කාන්තාවගේ වර්ණ ඡායාරූපයන් ඇතුළත් බුද්ධි අංශ වාර්තාව මාධ්‍ය වාර්තා කළ අතර මෙය බරපතල ගැටලුවක් බවත් ජාතික ආරක්ෂාව ගැන තොරතුරු ලැබී තිබියදී මෙවැනි ආරක්ෂක බිඳවැටීමක් ගැන පැහැදිලි විස්තරයක් සිදු කරන ලෙසයි විපක්ෂ නායකයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මිලේච්ඡ මිනිමරුවන්ගේ මේ ක්‍රියාදාම දැඩි ගැටලුවක් බැවින් බුද්ධි තොරතුරු ලැබුණු පසු මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ද ඔහු ඉල්ලා සසිටියේය.

Related posts

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

Editor O

கொழும்பு ஓரியண்டல் கொயர் குழுமத்தினரின் மற்றுமொரு படைப்பு [VIDEO]

Mohamed Dilsad

ஐ. ம. சுதந்திர கூட்டமைப்பால் சபை ஒத்திவைப்பு வேளை பிரேரணை

Mohamed Dilsad

Leave a Comment