Trending Newsඑසැන පුවත්දේශීය

සමනළ රක්ෂිතයේ ගින්නක්

නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.

නල්ලතන්නිය වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන් (23) දින පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කදු මුදුණ දක්වා සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත්, ගින්න පාලනය කිරිමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුධ හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බවද වන අඩවි ආරක්ෂකවරයා පැවසිය.

පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිමට නොහැකි වුවහොත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවද  වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය

මේ අතර, ඊයේ සවස රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

විමර්ශන නිලධාරින් අදාළ ස්ථානය වෙත යන අවස්ථාවේ ගම්වාසීන් විසින් රඳවාගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු මෙම ගිනි තැබීමට සැක බවට පවසමින් පොලීසිය වෙත භාර දී තිබේ. මෙම සැකකරුවන් අලගල්ල කන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත. ඒ අනුව සිද්ධියට සැකපිට තරුණයන් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්  අවුරුදු 18 හා 19 වයස්වල පසුවන කඩුගන්නාව, පිලිමතලාව , හන්දෙස්ස හා බලන  ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Related posts

“Speedy investigations into the Kandy incident” – Prime Minister

Mohamed Dilsad

Kurunegala HC acquittes Johnston Fernando from Sathosa case

Mohamed Dilsad

අද දිනයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment