Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

මෙවර අයවැය වැටුප් සංශෝධනය සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයකින් පසු ලාල්කාන්ත අමාත්‍යවරයා “අපිට වුවමනා අයට අපි වැඩියෙන් දෙනවා. අඩුවෙන් දෙන්න ඕන අය කවුද කියලා තීරණය කරන්නේ අපි. ඒ ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැ” ලෙස සදහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුයේ ලාල් කාන්ත මහතාගේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයදැයි වහාම ප්‍රකාශයක් කළ යුතු බවයි.

ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ‘ඉන්න බැරිනම් යන්න’ වැනි අදහසක් බවත් වෛද්‍යවරුන්ට රට හැරයා හැකි නමුත් එසේ ගිය දවසට රටේ රෝහල්, ශල්‍යාගාර, බාහිර රෝගී අංශ ආණ්ඩුවේ ඇමතිවරුන්ට බලා ගැනීමට සිදු වනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ සිටිය යුතු බව මෙන්ම ඔවුන් වෙනුවෙන් සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතු බව මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුවත් ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය එම ප්‍රතිපත්තියට පටහැනි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

නිමල් සිරිපාල නෙරපීම වළකන නියෝගය දීර්ඝයි

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා නව ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

ஒவ்வொரு பெற்றோர்களும் கட்டாயம் தெரிந்து வைத்திருக்க வேண்டிய விஷயங்கள்!

Mohamed Dilsad

Leave a Comment