Trending Newsඑසැන පුවත්දේශීය

රට බාර ගන්න මම සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට බාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. පක්ෂ මුලස්ථානයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ” ආණ්ඩුවේ ඩෙඩ්ලයින් එක අවුරුදු 5යි කියලා මතක තියාගන්න. අපිට සන්නද්ධ හමුදාවල් නෑ අරගල කරලා, ගෙවල් ගිනි තියලා, මන්ත්‍රීවරුන් ඝාතනය කරලා ආණ්ඩු බලය ලබාගන්න. ඒ හින්දා අපි ප්‍රජාත්‍රන්තවාදීව යනවා. ජනාධිපතිතුමාට හිතෙනවා නම් මේ 159න් වැඩක් නෑ කියලා අවුරුදු දෙකහාමාරෙන් විසුරුවන්නත් පුලුවන්. අපිට දැක්මක් තියෙනවා, වැඩපිළිවෙළක් තියෙනවා, සැලැස්මක් තියෙනවා, අපි වැඩ කරලා තියෙනවා, වැඩ පෙන්නලා තියෙනවා. ඒක නිසා ඕන වෙලාවක රට භාරගන්න සූදානම්. “

Related posts

LPL 2022 : Jaffna Kings කණ්ඩායමට ලකුණු 24 ක ජයක්

Mohamed Dilsad

ஆசிய விளையாட்டுப் போட்டியில் சீன வீராங்கனை உலக சாதனை

Mohamed Dilsad

කිලිනොච්චියෙන් සොයා ගත් අවි ගබඩාව

Mohamed Dilsad

Leave a Comment