Trending News

LPL 2022 : Jaffna Kings කණ්ඩායමට ලකුණු 24 ක ජයක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 24 ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle Gladiators කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 137 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ හා Shoaib Malik ලකුණු 30 බැඟින් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 29 ක් හා තිසර පෙරේරා ලකුණු 16 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් Iftikhar Ahmed, Wahab Riaz, Imad Wasim, නුවන් තුෂාර හා නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැඟින් බිද හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 113 ක් පමණයි.

Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්,

Related posts

Rains expected after 2.00 PM today

Mohamed Dilsad

பாராளுமன்றத் தெரிவுக்குழுவில் சாட்சியமளிக்க பிரதமருக்கு அழைப்பு

Mohamed Dilsad

சரத் என். சில்வாவுக்கு எதிராக வழக்குத் தாக்கல்

Mohamed Dilsad

Leave a Comment