Trending Newsඑසැන පුවත්දේශීය

සෝලා විදුලි නිෂ්පාදනය අධෛර්යට පත් කිරීමේ උත්සාහයක් ගැන හිටපු ඇමති පාඨලී චම්පිකගෙන් අනාවරණයක්

නව රජයේ ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලයේදී සුළං හා සූර්ය විදුලි බලාගාර වලට අහිතකර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

සුළං බලාගාර, සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බවත් ඔහු කියා සිටී.

ඒ අනුව ඉදිරි කාලයේදී මෙම බලාගාර වල විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ආදිය හරහා ඒවා අධෛර්යයට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව නැවත වතාවක් ගල් අඟුරු මාෆියාව හා ඩීසල් මාෆියාවේ පිරිස් විසින් විදුලි සැපයීමේ බලය අත්පත් කරගෙන ඇති බව පෙනී යන බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

Railway employees to commence work-to-rule action tonight

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිදුවීම : දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2500 ත් 10,000 ත් අතර ඉහළට…

Mohamed Dilsad

Leave a Comment