Trending News

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2500 ත් 10,000 ත් අතර ඉහළට…

(UTV| කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500 – 10,000 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500 කින් ඉහළ යන අතර , ඉහළම නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 10,000 කින් වැඩිවීමට නියමිතව ඇත.

2015 ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 85 % කින් ඉහළ දමා තිබෙන බව ද එම අමාත්‍යාංශය සදහන්කර සිටියි.

එම වසරේදී රජයේ පහළම සේවකයාගේ මූලික වැටුප රුපියල් 11,730ක් වශයෙන් පැවති අතර, මේ වසරේදී එය රුපියල් 21,745ක් දක්වා ඉහළ ‌යනු ලැබීය.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර සිටියේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකුගේ මූලික වැටුප 2015 වසරට සාපේක්ෂව මේ වන විට රුපියල් 50,000කින් පමණ වැඩි වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Former Customs DG and Additional DG arrested

Mohamed Dilsad

பிரபல வர்த்தகர் முஹமட் சியாம் கொலை வழக்கு- வாஸ் குணவர்த்தனவின் மனு ஒத்திவைப்பு

Mohamed Dilsad

US Open: Defending champion Novak Djokovic pulls out

Mohamed Dilsad

Leave a Comment