Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල

තමා නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවට කළු පැල්ලමක් එකතු වූ බව සිතන්නේ නම් ඒ ගැන කනගාටු වන බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පැවසීය.

“එහෙම හිතනවා නම් ඒක සම්බන්ධයෙන් කනගාටු වෙනවා. ඒක නිවැරදි කර ගන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් සියලු ම ක්‍රියාවලියන් කරනවා. එහෙම වෙලා තියෙනවා නම්,” බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවේදී ඔහු තමන් මුහුණ දුන් අභියෝග, ජෛව පොහොර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ, කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර තර්ජනය සමනය කිරීමේ සිය සැලසුම් මෙන් ම සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුව ඇති ආන්දෝලනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

පසුගිය මාස දෙක තුළ මුහුණ දුන් අභියෝග මොනවා ද යන්න පිළබඳව ද ඔහුගෙන් විමසීය.

“අපි දේශපාලනඥයින් විදිහට මෙවැනි තනතුරු තාන්න මාන්න බලාගෙන නෙමේ දේශපාලනය කළේ. අපිට පෞද්ගලිකව එන ඕනෑ ම අභියෝගයකදී අපි පළමු කොට තකන්නේ රට සහ රටේ ජනතාව. ඒක තමා අපේ දේශපාලනය,” අසෝක රන්වල පැවසීය.

“අපිට ලැබෙන ඕනෑම වගකීමක් අපි මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රට වෙනුවෙන් කැප කිරීම් කරන්න සූදානම් වෙලා තමා මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ.”

‘කැලණි ගඟ කියන්නේ සුවිශේෂී පරිසර පද්ධතියක්’ බවත් එය සුරක්ෂිත කිරීම තමන්ට පාරම්පරිකව පැවරුණු වගකීමක් බවත් ඔහු සඳහන් කළේ ය.

කැලණි ගඟ ආශ්‍රිතව ඇති වන ගංවතුර නිසා ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් මීට සැබෑ උත්තරයක් අවශ්‍ය බවත් රන්වල මන්ත්‍රීවරයා පැවසීය.

“මේ ගඟෙන් එන ජල කඳ තව පැත්තකට අපි ගන්න ඕනේ, වැඩි වන වතුර ප්‍රමාණය; ඒක තමා උත්තරය විදහට දකින්නේ,” ඔහු සදහන් කළේ ය.

ඛනිජ තෙල් ඒකාධිකාරය රජය යටතේ තබා ගැනීම යන කරුණු තමන්ගෙන් රටට ඉටු විය යුතු සිහින ලෙස ඔහු සඳහන් කළේය.

“මේ කරණා ටික මගේ පැත්තෙන් මේ රටට සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම දේශපාලනය තුළ සිද්ධ වෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා.මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න ඔය සිදුවුණු කිසිදු ක්‍රියාවලියක් මට බාධා කරන්න බැහැ. මට බාධා කරත් ඒ බාධා කිසිම දෙයක් නිසා මම ආපසු හැරෙන්නේ නැහැ. පක්ෂයෙන් මට වඩ වඩාත් දිරි ගන්නවනවා. ඒ ක්‍රියාවලියන් ඉස්සරහට ගෙනියන්න කියලා.”

කෙටි ම කාලයක් ධූරය දරූ කතානායකවරයා ලෙස මෙරට ඉතිහාසයට එක්වූ අසෝක සපුමල් රන්වල කතානායක ධූරයෙන් ඉවත්වී (පෙබරවාරි 13 වන දාට) මාස 02ක කාලයක් සම්පූර්ණ විය.

අසෝක සපුමල් රන්වල ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් (2024 දෙසැම්බර් 13 වන දා) ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, සිය ප්‍රශ්නගත ආචාර්ය උපාධිය සම්බන්ධ අධ්‍යාපන ලියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවය.

“මා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියවිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.”

ඒ අනුව අසෝක රන්වල මන්ත්‍රීවරයා දැන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද යන්න පිළිබඳව ද ඔහුගෙන් විමසා සිටියේ ය.

ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා කිව්වේ මොනවා ද?

ඊට පිළිතුරු දුන් අසෝක රන්වල මන්ත්‍රීවරයා මෙලස ප්‍රතිචාර දැක්වීය.

“ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි, මම කතානායක ධුරයට පත් කළේ අපේ පක්ෂයේ වගකීමක් අනුව. ඒ වගකීම ඉෂ්ට කරන කොට පාර්ලිමේන්තුව තුළදී සැසිවාරයක් ආවා දෙසැම්බර් මාසේ 17, මේ රටේ දරුවන්ගේ පාසල් පොත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සැසියක්. මේ රටේ පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයනේ තීන්දු තීරණ ගන්න අවස්ථාවක්. ඒ වගේ ම මේ රටේ අඩු ආදයම්ලාභීන්ට අස්වැසුම තවදුරටත් දීර්ඝ කරලා රුපියල් 17,500 දක්වා වැඩි කරලා යම් සහනයක් දෙන අවස්ථාවක්. ඒක මග හැරුණා නම් මේ වෙලාවෙදී ඉතා ම බරපතළ ප්‍රශ්නයකට ඒ අදාළ ප්‍රජාව මුහුණ දෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙන්න මේ තත්ත්වය අවුල්කරන්න සැලසුම්සහගත ක්‍රියාවලියක් දියත් වෙන්න පටන් ගත්තා. ඇත්තට ම කතානායක ධූරය සම්බන්ධව ප්‍රශ්න කරනවා නම් බහුතරයකින් මේක අපිට දිනන්න පුළුවන්. හැබැයි මට පැවරුණු ප්‍රධාන වගකීමක් තමයි, කතානායක ධූරයෙදී මේ සභාව ඉතා ම සමබරව පවත්වගෙන ගිහිල්ලා සභාව තුළ ආරවුලක් වෙන්නැතිව බේර ගන්න එක. එකෙදි මම නිසා අරවුලක් වෙන්න ගියා නම් සභාව ඇතුළේදී ඒක අපේ බහුතරයෙන්, එහෙම නැත්නම් අපේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඒක අපිට පරාජය කරන්න පුළුවන් හැකියාව තිබිලා, පරාද කළාට අපිට බොහෝ දේවල් අහිමි වෙනවා. අපේ රටේ ජනතාවට.”

අසෝක රන්වල මන්ත්‍රීවරයාගෙන් යළි විමසා සිටියේ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළ පරිදි අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවය.

ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක් ද කියන්න. ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය.”

බීබීසී : ඔබ තුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනව ද? මොකක් ද ඒකෙ තියෙන සම්ප්‍රදාය මොකක් ද? ඒවා මහ තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්වන්න නෙමෙයි. හරි ද? ඒක නෙමේ ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් අපි අපේ ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් අපි ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. කරගෙන යනවා වැඩ ටික

මූලාශ්‍රය : බීබීසී
.”

Related posts

Army to return 650 acres of land in North to original owners

Mohamed Dilsad

Lion Srilal Fernando, MJF appointed District Governor of Lions Clubs International District 306 A1

Mohamed Dilsad

ඉන්ධන ගන්න ඉන්දියාවේන් තවත් ඩොලර් මිලියන 500ක්

Mohamed Dilsad

Leave a Comment