දේශීය

ඉන්ධන ගන්න ඉන්දියාවේන් තවත් ඩොලර් මිලියන 500ක්

(UTV | කොළඹ) – ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

එහි දැක්වෙන්නේ ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක මුදල ගෙවීම කල් දැමීමට බංග්ලාදේශ රජය එකඟතාව පළ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පැවසූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලැබීමට තවත් මාස 6ක් පමණ ගතවනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ආධාර ලැබෙන තෙක් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් ආධාර සොයා ගත යුතු බවයි.

Related posts

සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කෙරේ

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්න

Mohamed Dilsad

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment