දේශීය

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රී දැඩි විරෝධතාවක් පැවැත්වුනි.

එහිදී තත්ත්වය පාලනය කිරිම සදහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමත් සමඟ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

එහිදී කාන්තාවක් ඇතුළු 54 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ විරෝධතාවය අතරතුර පොලිස් බස් රථයක්, ජීප් රථයක් ඇතුළු පොලිස් රථවාහන හා යුද හමුදා බස් රථයක් ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.

මෙම කලහකාරී සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් 5 දෙනෙක් රෝහල්ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට තහංචියක්

Mohamed Dilsad

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඉන්දීය ණයෙන් ලැබෙන දෙවන පොහොර තොගය ඉදිරි සති දෙක තුළ

Mohamed Dilsad

Leave a Comment